නිවේදනයයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනත
ඉහත පනත යටතේ මෙම ආයතනයට අදාල තොරතුරු ලබා ගැනීම පහත සදහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරණ අයදුම් පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ.
තොරතුරු නිලධාරියා
නම : එම්. එස්. අලා අහමඩ් මයා
තනතුර : සහකාර ප්‍රාදේශීය ලේකම්
ලිපිනය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහකුඹුක්කඩවල
සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක : 032 4934356
විද්‍යුත් තැපෑල : இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
01.තොරතුරු ලබා ගැනීමට ලිඛිත RTI 01 අයදුම්පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුණූ බවට ලිපියක් ලබා ගන්න.
02.ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබදව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
03.ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබා ගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් ඇතුළත තොරතුරු ලබාදෙනු ලැබේ.
04.ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම්, තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සදහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබබට ලබා දෙනු ලැබේ.
05.තොරතුරු ලබා ගැනීම සදහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සදහා ප්‍රතිචාර දැක්වීම ලැබී පැය 8 ක් තුළ සිදු කරනු ඇත.
06.තොරතුරු ලබා ගැනීඹ සදහා කරන ලද ඉල්ලීමකට අදාලව,
I. තොරතුරු ඉල්ලීම සදහා කරන ලද යම් ඉල්ලීමක් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම,
II. පනතේ 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු වෙත ප්‍රවේශවීම සදහා අවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම,
III. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
IV. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම
V. වැඩිපුර ගාස්තු අයකිරීම,
VI. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂෞප කිරීම,
VII. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැලැක්වීම සදහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හ සාධාරණ හේතු පැවතීම,
මත අතෘප්තියට පත්වන්නේ නම් පහත සදහන් නම් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න.
නම් කළ නිලධාරියා
නම : එල්. ඩී. චතුරක ජයසිංහ මයා
තනතුර : ප්‍රාදේශීය ලේකම් (වැ.බ)
ලිපිනය : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහකුඹුක්කඩවල
සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක : 032 4934355
විද්‍යුත් තැපෑල : இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
07. මෙම නිවේදනයේ 6 වන වගන්තිය පරිදි අභීයාචනයක් ඉදිරිපත් කිරීමේදී RTI 10 දරණ අයදුම්පත පුරවා ඉදිරිපත් කරන්න. RTI 10 දරණ අයදුම්පත්‍රය පිරවීම අනිවාරුයය නොවේ. තොරතුරු ඉල්ලා සිටින්නාට RTI 10 අයදුම්පත්‍රයේ සදහන් අභියාචනය විභාග කිරීමට අවශ්‍ය මූලික තොරතුරු සදහන් කරමින් ලිපියක් මගින් අභියාචන ඉදිරිපත් කළ හැකිය.
This page is under constructions
















