ආයතන අංශය

අරමුණ :- මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම

ප්‍රධාන කාර්යයන්

01.  බලපත්‍ර නිකුත් කිරිම

  • ලී බඩු ප්‍රවාහන බලපත්‍ර
  • සතුන් ප්‍රවාහන බලපත්‍ර
  • සුරාබදු බලපත්‍ර
  • කාර්ය මණ්ඩල දුම්රිය බලපත්‍ර

02. සහතික නිකුත් කිරිම /අනු අත්සන් කිරිම

  • පදිංචි සහතික
  • ග්‍රාම නිලධාරි චරිත සහතික
  • ආදායම් සහතික
  • සේවා සහතික

03. කාර්යමණ්ඩලයේ විනය පාලනය හා නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොණු සම්බන්ධයෙන් ක්‍රියා කිරීම

ඉඩම් අංශය

විෂය

ඉඩම් පරිපාලනය

දැක්ම

නිරවුල් හිමිකමක් ඵලදායි සංවර්ධනයක්

කාර්යයන්

  • දීමනාපත්‍රවලට අදාළ පසු කටයුතු
  • 2008/4 චක්‍රලේඛය අනුව ඉඩම් කච්චේරි පැවැත්වීම
  • බලපත්‍රවල පසු කටයුතු
  • බලපත්‍ර සඳහා දීමනාපත්‍ර සැකසීම
  • ඉඩම් ආරවුල්
  • අනවසර අල්ලා ගැනීම්

කාර්ය ඉටුකර ගැනීම ට අවශ්‍ය තොරතුරු

දීමනාපත්‍ර වලට අදාළ පසු කටයුතු

දීමනාපත්‍ර පැවරීම

  • දීමනාපත්‍රකරු විසින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම
  • අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීම
  • දීමනාපත්‍රයේ පිටපත
  • පිඹුරේ පිටප
  • මාස 03 ක් නො ඉක්මවූ පත්ඉරුව
  • දීමනාපත්‍රකරුගේ හැඳුනුම්පතේ පිටපත
  • පැවරුම්ලාභියාගේ හැඳුනම්පතේ පිටපත
  •  කොටසක් පවරන්නේ නම් කොටස් වෙන් කරන ලද පිඹුරේ පිටපත
  • දීමනාපත්‍රකරු වෙත වෙනත් ඉඩමක් තිබෙන බවට දීමනාපත්‍රයේ සහ පත්ඉරුවේ පිටපත
  • විවාහ සහතිකය/උප්පැන්න සහතිකය/මරණ සහතික යේ පිටපත( අවශ්‍යතාවය අනුව )

  මුල් අයිතිය ලබා දීම 

  • ඉල්ලීම් ලිපිය
  •  ග්‍රාම නිලධාරි නිර්දේශය
  • දීමනාපත්‍රයේ පිටපත
  • මාස 03 ක් නොඉක්මවූ පත්ඉරුව
  • දීමනාපත්‍රකරුගේ සහ කලත්‍රයාගේ මරණ සහතික පිටපත්
  • ඥාතීත්වය සනාථ කිරීම ( විවාහ සහතිකය/උප්පැන්න සහතිකය )

  අනුප්‍රාප්තිය නම් කිරීම 

  • දීමනාපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  • දීමනාපත්‍රයේ පිටපත
  • මාස 03 ක් නොඉක්මවූ පත්ඉරුව
  • පසුබලකරුගේ ඥාතීත්වය තහවුරු කිරීම ( විවාහ සහතිකය/ උප්පැන්න සහතිකය )

දීමනාපත්‍ර ඇප තැබීම 

  • දීමනාපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  • දීමනාපත්‍රයේ පිටපත
  • මාස 03 ක් නොඉක්මවූ පත්ඉරුව
  • විවාහ සහතිකයේ පිටපත
  • කලත්‍රයා කාර්යාලය වෙත පැමිණිය යුතුය

දීමනාපත්‍රයේ වරද නිවැරදි කිරීම

  • ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  •  දීමනාපත්‍රයේ මුල්පිටපත
  •   මාස 03 ක් නො ඉක්මවූ පත්ඉරුව
  •   නමේ වරදක් නම් උප්පැන්න සහතිකය සහ හැඳුනුම්පතේ පිටපත

දීමනාපත්‍රය හෝ කොටසක් රජයට භාර දීම

  • ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  • දීමනාපත්‍රයේ මුල් පිටපත
  • මාස 03 ක් නො ඉක්ම වූ පත්ඉරුව

2008/4 චක්‍රලේඛය අනුව ඉඩම් කච්චේරි පැවැත්වීම

  •  පුවත්පතේ අදාළ දැන්වීම පළ වීමෙන් පසුව පදිංචි වසමේ ග්‍රාම නිලධාරි හමු වී ඉල්ලුම්පත්‍රය ලබා ගෙන සම්පූර්ණ කර භාර දීම.
  •  නියමිත දින අදාළ පුද්ගලයා පදිංචි ග්‍රාම නිලධාරි වසමෙන් මූලික පරීක්ෂණය සඳහා ඉදිරිපත් වීම .
  • අදාළ සුදුසුකම් සපුරා ලියාපදිංචි වී ඇති බව ට තහවුරු කර ගෙන නැවතත් ඉඩම පිහිටි ග්‍රාම නිලධාරි වසමෙන් ඉඩම් කචිචේරියක් සඳහා ඉදිරිපත් වීම .

බලපත්‍ර වලට අදාළ පසු කටයුතු

බලපත්‍රයක මුල් අයිතිය ලබා ගැනීම

  • ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  • බලපත්‍රයේ මුල් පිටපත
  • බලපත්‍රකරුගේ සහ කලත්‍රයාගේ මරණ සහතිකය
  • ඉල්ලුම්කරුගේ ඥාතීත්වය තහවුරු කිරීම සඳහා විවාහ සහතිකය /උප්පැන්න සහතිකය

 බලපත්‍රයේ පසුබලය නම් කිරීම

  • බලපත්‍රකරුගේ ඉල්ලීම් ලිපිය
  • ග්‍රාම නිලධාරි නිර්දේශය
  • බලපත්‍රයේ මුල් පිටපත
  • පසුබලකරුගේ ඥාතීත්වය සනාථ කිරීම ට විවාහ සහතිකය/ උප්පැන්න සහතිකය

බලපත්‍ර සඳහා දීමනාපත්‍ර සැකසීම

  •  ඉඩම මැනුම් කර ඇතිනම් බලපත්‍රයේ පිටපතක් සමඟ ග්‍රාම නිලධාරි හමු වීම.

ඉඩම් ආරවුල්

  •  යම් ගැටළුවක් ඇති වූ විට ලියවිලි ද සමඟ ලිඛිත ව දැනුම් දීම .

අනවසර අල්ලා ගැනීම්

  •  කිසිදු පුද්ගලයෙකු හට නීත්‍යානූකූල හිමිකමක් නො මැති රජයේ ඉඩමක් යම් පාර්ශ්වයක් විසින් සංවර්ධනය කරන්නේ නම් ඒ පිළිබඳ ව ලිඛිත ව දැනුම් දීම .

 රෙජිස්ට්‍රාර් අංශය

අරමුණ :- මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන ජනතාවගේ ජීවිතයේ වැදගත් අවස්ථා වන උපත, විවාහය, මරණය පිළිබඳව වන ලේඛන සුරක්ෂිත කරමින් ඒවායේ රහස්‍ය භාවය ආරක්ෂා කරමින් කොට්ඨාසයේ ජනතාවගේ අනන්‍යතාවය රැක ගැනීමට උපරිම දායකත්වය ලබා දීමට අවශ්‍ය කාර්යක්ෂම සේවාවක් සැලසීම.

ප්‍රධාන කාර්යයන්

  • ස්වකීය කාර්යාලයේ තැන්පත් කර ඇති උප්පැන්න, විවාහ, මරණ ලේඛනයන්ගෙන් සහතික
  • පිටපත් නිකුත් කිරිම.
  • කොට්ඨාශය තුල විවාහ ලියාපදිංචි කිරිම.
  • කල්ගතවු උපත් ලියාපදිංචි කිරිම.
  • කල්ගතවු මරණ ලියාපදිංචි කිරිම.
  • උප්පැන්න, මරණ සහතිකවල සංශෝධනයන් සිදු කිරිම.
  • උප්පැන්න, විවාහ,මරණ වලට සම්බන්ධ නඩු වලට සහභාගි වීම සහ ඒ අනුව අදාල ලේඛන සංශෝධනය කිරිම.
  • උප්පැන්න, විවාහ, මරණ ලේඛනයන්හි දක්නට ලැබෙන ලිපි දෝෂ නිවැරදි කිරිම.
 

 සමාජ සේවා අංශය

අරමුණ :- මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙසෙන දිළිදු ආබාධිත සහ ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ එහි දී එම පුද්ගලයින් තෘප්තිමත් වන ආකාරයෙන් වඩාත් කාර්යක්ෂම ලෙස ඵලදායි විශිෂ්ඨ සේවාවක් ලබා දීම

ප්‍රධාන කාර්යයන්,

  • මහජනාධාර හා රෝගාධාර ගෙවීම් කටයුතු
  • රෝද පුටු,ඇස් කණ්නාඩි,ත්‍රෛයිසිකල්,සුදු සැරයටි,කිහිලිකරු,අත්වාරු වැනි උපකරණ ලබාදිම.
  • විශේෂාධාර යටතේ රෝගාධාර, ශිෂ්‍යාධාර, සැත්කම් සදහා මූල්‍යාධාර සහ අක්ෂිකාච සදහා මුදල් ආධාර ලබාදිම.
  • වැඩිහිටි නිවාස ගතකිරිම්.
  • ස්වයං රැකියා ආධාර ගෙවීම (ආබාධ)
  • අනියම් සහනාධාර ගෙවීම.
  • අක්ෂිකාච ලබාදීම.
  • වෛද්‍ය ආධාර,උපකරණ ලබාදිම, ස්වයං රැකියා ආධාර සහ නිවාස ආධාර ලබාදිම.
  • වැඩිහිටි ළමා නිවාස ගත කිරිම
  • මත්ලෝලීන් පුනරුත්ථාපනය කිරිම.
  • ප්‍රජා මූලික, ආබාධිත පුනරුත්ථාපන වැඩසටහන්.
  • වැඩිහිටි ලේකම් කාර්යාලයීය කටයුතු.
  • සමාජ ආරක්ෂණ මණ්ඩලයේ කටයුතු.

සංවර්ධන අංශය

අරමුණ :- මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම

ප්‍රධාන කාර්යයන්,

01. සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ක්‍රියා කිරීම

  • ගම නැගුම සංවර්ධන කටයුතු - ජනසභා සහ විශේෂ ව්‍යාපෘති
  • විමධ්‍යගත අයවැය ක්‍රියාත්මක සැලැස්ම
  • පළාත්සභා සංවර්ධනසැලැස්ම-උපමානපාදක ව්‍යාපෘති(මන්ත්‍රිප්‍රතිපාදන)පලාත්නිශ්චිත ව්‍යාපෘති, අමාත්‍යාංශ අරමුදල් ව්‍යාපෘති, නිවාස සංවර්ධණ අරමුදල්)
  • රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘති
  • ඉහත සියළුම ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීම, සම්බන්ධීකරණය, ප්‍රගතිය වාර්තා කිරිම හා පසු විපරම් කටයුතු
  • කොට්ඨාශය තුල විවිධ ව්‍යාපෘති බලධාරින් යටතේ ක්‍රියාත්මක කරනු ලබන සියළුම ව්‍යාපෘති අරමුදල් ප්‍රභවය, සංවර්ධන ක්ෂේත්‍ර හා ව්‍යාපෘති බලධාරින් අනුව ඒකාබද්ධ සංවර්ධන වැඩකටහන සකස් කිරිම.
  • ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම හා ඊට අදාල සියළු කටයුතු.
  • දත්ත තොරතුරු එක්රැස් කිරිම, සකස් කිරිම,යාවත්කාලීන කිරිම හා අවශ්‍ය පුද්ගලයින් හට ලබා දිම.
  • සම්පත් පැතිකඩ හා මෙහෙයුම් මැදිරිය සකස් කිරිම.
  • අවස්ථානුකූලව පැවරෙන විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරිම - එක් ගමකට එක් වැඩක්

02.  සමාජ සංවර්ධන සේවා

  • සාහිත්‍ය උත්සව
  • ළමා අයිතීන් ආරක්ෂාව
  • ප්‍රාදේශිය මට්ටමේ රැස්වීම්
  • පුහුණු වැඩසටහන්
  • විවිධ සමිති රැස්වීම්
  • විවිධ සංස්කෘතික වැඩසටහන්
  • විවිධ සංස්කෘතික උත්සව
  • විවිධ ජාතික දින වැඩසටහන්
  • සමාජ බලගැන්වීම් වැඩසටහන්
  • දහම් පාසල් ලියාපදිංචිය
  • පෙර පාසල් ලියාපදිංචිය
  • ආගමික ස්ථාන ලියාපදිංචිය

03.   ආර්ථික සංවර්ධන සේවා

  • ගෙවතු වගා වැඩසටහන්
  • ස්වයං රැකියා පුහුණු වැඩසටහන්
  • නිපුණතා සංවර්ධන වැඩසටහන්
  • තාක්ෂණික සහාය සේවා

සමෘද්ධි අංශය

ප්‍රධාන කාර්යයන්

  • සමෘද්ධි හිමිකම් ලබාදිම.
  • කිරි මුද්දර නිකුත් කිරිම.
  • සමාජ ආරක්ෂණ ගෙවිම.
  • ඉන්ධන සහනාධාර ලබාදිම.
  • නැණ නුවණ, සිප්දොර ශිෂ්‍යත්ව ලබාදිම.
  • අනිවාර්ය ඉතුරුම් මුදල් ගෙවීම.

ගිණුම් අංශය

අරමුණ :- මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම

ප්‍රධාන කාර්යයන්

  • වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  • ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  • වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
  • ව්‍යාපාර නාම ලියාපදංචිය
  • විගණන විමසුම් මෙහෙයවී
  • මුල්‍ය ප්‍රකාශන සැකසීම

හැදුනුම්පත් අංශය

අරමුණ:-විශ්වසනීය පුද්ගල අනන්‍යතාවය ජාතික හැදුනුම්පතයි.

කාර්යය,

1968 අංක 32 දරණ පුද්ගලයන් ලියාපදිංච් කිරිමේ සංශෝධිත පනතේ විධිවිදාන අනුව හා එහි රෙගුලාසි වලට අනුකූලව පුද්ගලයකු ලියාපදිංචි කර හැදුන්ම්පතක් ලබා ගැනිමට අවශ්‍ය මුලික සුදුසුකම වන්නේ,වයස අවුරුදු 16 සම්පුර්ණ වු පනතේ 2 වගන්තියෙන් විස්තර කෙරෙන පුද්ගලයෙකු වේ. මෙසේ සුදුසුකම් ලත් පුද්ගලයන් ලියාපදිංචිය සදහා ඉල්ලුම් කල විට , පනතේ ව්ධ්විදාන අනුව ලියාපදිංචි කර හැදුනුම්පත් ලබා දීම .

ප්‍රධාන කාර්යන්,

  • මුල්වරට ජාතික හැදුනුම්පත සකස් කිරිම
  • අස්ථානගත ජාතික හැදුනුම්පත සකස් කිරිම
  • සංශෝධන ජාතික හැදුනුම්පත සකස් කිරිම
  • කඩිනම් සේවය යටතේ ජාතික හැදුනුම්පත සකස් කිරිම
  • එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත සකස් කිරිම

මුල්වරට ජාතික හැදුනුම්පත සකස් කිරිම සදහා අදාල තොරතුරු

  • පු.ලි.දෙ අයදුම්පත්‍රය
  • උප්පැන්න සහතිකය
  • අමතර ජායා රූප දෙක
  • වයස අවුරුදු 16 ඉක්ම වු පුද්ගලයන් 2:3 අකෘතිය හා පුමාද ගාස්තු (රු.250.00) ගෙවු රිසිට් පත

අස්ථානගත ජාතික හැදුනුම්පත සකස් කිරිම සදහා අදාල තොරතුරු

  • පු.ලි.දෙ අයදුම්පත්‍රයඋප්පැන්න සහතිකය
  • අමතර ජායා රූප දෙක
  • කලින් හැදුනුම්පත් ලබාගත් බවට ප්‍රකාශය
  • පොලිස් වාර්තාව

සංශෝධන ජාතික හැදුනුම්පත සකස් කිරිම සදහා අදාල තොරතුරු,

  • පු.ලි.දෙ අයදුම්පත්‍රය
  • උප්පැන්න සහතිකය
  • අමතර ජායා රූප දෙක
  • පැරණි හැදුනුම්පත

එක්දින සේවය යටතේ ජාතික හැදුනුම්පත සකස් කිරිම සදහා අදාල තොරතුරු,

  • මුල්වරට , අස්ථානගත වු , සංශෝධන අයදුම්පත්‍ර අවශ්‍යතාවය මත අදාල ලිපි ලේඛන පුද්ගලයා රැගෙන ඒම.
  • ඉල්ලීම ලිපිය

කඩිනම් සේවය යටතේ ජාතික හැදුනුම්පත සකස් කිරිම සදහා අදාල තොරතුරු,

  • ඉල්ලීම් ලිපිය

News & Events

09
අප්‍රේ2026
Colonization Officer Transfer - 08.04.2026

Colonization Officer Transfer - 08.04.2026

සත් වසක් පුරා කුඹුක් සෙවණේ රැදී සිටිමින්...

20
අප්‍රේ2022
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩල වල අවුරුදු උත්සවය - 2022.04.05

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩල වල අවුරුදු උත්සවය - 2022.04.05

මහකුඹුක්කඩවල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වැඩිහිටි බලමණ්ඩලවල සාමාජික...

Scroll To Top