අපගේ දැක්ම
"ආසියාවේ සෞභාග්‍යමත්ම ගම්පියස"
අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව ආදර්ශමත් පරිපාලන ඒකකයක් මගින් ජනතාවගේ ජීවන මට්ටම ඔසවා තබමින් ආසියාවේ සෞභාග්‍යමත්ම ගම්පියස බවට පත්කිරීම අපගේ මෙහෙවර වන්නේය"
හැඳින්වීම
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 අතරින්දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස මහකුඹුක්කඩවල ප්‍රාදේශීය කොට්ඨාශය හදුන්වයි. ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උප කාර්යාලයක් ලෙස 1989 අප්‍රේල් මස 28 වන දින ආරම්භ කරන ලද මෙම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය 1998 ජූලි මස 06 වන දින ප්‍රාදේශීය මහ ලේඛම් කාර්යාලයක් ලෙස විවෘත කරන ලදි. විශාලත්වය වර්ග සැතපුම් 68.65 කි.ග්‍රාම නිලධාරී වසම් 25 කින් හා ගම්මාන 64 කින් සමන්විත වේ.(වර්ග කිලෝමීටර් 175.74)
2016 වර්ෂයේ මුළු ජනගහනය 22079 ක් වන අතර ස්ත්‍රී 11541 ක් හා පුරුෂ 10538 ක ගෙන් සමන්විත වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පුරා සිංහල ,දෙමළ , මුස්ලිම් ජනතාව සාමූහිකව ජීවත්වන අතර බෞද්ධ 19709 ක් හා කතෝලික 1648 ක් ඉස්ලාම් 42 ක් ද හින්දු 680 ක් ලෙස ආගම් වශයෙන් ජනාතාව වර්ග කල හැක. මෙම කොට්ඨාශය දැඩි දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් ලෙස හැදින්විය හැක.
පිහිටීම
මුහුදු මට්ටමින් අඩි 130-200 ත්අතර උසින් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. තැනිතලා ප්‍රදේශයකි. නැගෙනහිරින් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද බටහිරින් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද උතුරින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද දකුණින් පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද මැදිව පිහිටා ඇත. ආණමඩුව නගරයේ සිට සැතපුම් 12 ක් පමණ බටහිරින් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටා ඇත. ආණමඩුව හලාවත මාර්ගයේ පුනවිටිය හන්දියේ සිට මදුරන්කුලිය මාර්ගයේ සැතපුම් 6.5 ක් පමණ දුරින් මෙම කාර්යාලය පිහිටා ඇත.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කොටගෙන නැගෙනහිරට සැතපුම් 6.5 ක් පමණද දකුණට සැතපුම් 07 ක් පමණද බටහිරට සැතපුම් 06 ක් පමණද උතුරට සැතපුම් 10 ක් පමණද ව්‍යාප්තව ඇත.
පසෙහි ස්වභාවය
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බටහිර හා උතුරු බෑවුම් සුදු වැලි සහිත පස් තීරුවකින් යුක්තය.විශේෂයෙන් පොල් වගාවට හා කජු වගාවට යෝග්‍යය.කිවුල හා බරණන්කට්ටුව අතර ප්‍රදේශය මෙලෙස වැලි පසින් යුක්ත වේ. නැගෙනහිර බෑවුම කවයන්කුලම සිට ගරායක්ගම දක්වා වූ කොටස රතු දුඹුරු පස් සහිත ප්‍රදේශයකි.කිවුලප්‍රදේශයේ ස්ථාන කිහිපයක් හා කදුරුකෝට්ටේ හා පෙත්තිගම ප්‍රදේශය අනෙක් ප්‍රදේශ වලට වඩා උසින් පිහිටා ඇත.
ජල සම්පත්
ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපයට අයත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල කිසිදු ප්‍රධාන ගංගාවක් හෝ ඔයක් ගලා නොබසියි. පුනවිටිය ප්‍රදේශයෙන් අඹගහ ඇලත්, කිවුල 4-1 ප්‍රදෙශයේ ලුණු ඇල හා මහසෙම්ඹුකුලිය ප්‍රදේශයෙන් කොළමුණ ඔය වර්ෂා කාලයේදී පමණක් දැකිය හැකි කුඩා ඇල මාර්ග කිහිපයක් වේ. මධ්‍ය වාරි මාර්ග හතරක් සහ කුඩා වැව් අමුණු 143 ක් ප්‍රදේශය පුරා විසිරී පවතී.මේවා ආශයෙන් කෘෂි කර්මාන්තයට හා අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීම සිදුකරයි.
පානීය ජලය දැඩි ලවන රසයෙන් යුක්ත වීම ප්‍රදේශය පුරා දැකිය හැකි පොදු ගැටළුවකි. බීමට ජලය ලබා ගැනීම සඳහා ප්‍රජා ජල සම්පාදන වැඩ සටහන් කිහිපයක් ක්‍රියාත්මක වන අතර එම ප්‍රමාණය කිසිසේත් ප්‍රමානවත් නොවේ.
ඓතිහාසික තොරතුරු
මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික තොරතුරු ලබා ගැනීමට ඇති සාධක ඉතා අල්පය. මහ කුඹුක්කඩවල ප්‍රදේශය පිළිබඳව මුලින්ම ඓතිහාසික තොරතුරු ලබාගත හැකිව ඇත්තේනටබුන් වූ වෙහෙර විහාර ආශ්‍රෙයනි. පෙත්තිගම විහාරස්තානයේ දක්නට ඇති ගල් කනුව 4වන කාශ්‍යප රජු දවස සිටුවන ලද්දක් බව සඳහන් වේ.මෙම විහාරස්ථානයට සමකාලීනව පෙර රජ දවස ඉදි වූ කදුරුකෝට්ටේ විහාරස්ථානය හා ගල්කුලිය ලිහිණිගිරි විහාරස්ථානය දැනට ප්‍රදේශයේ ප්‍රමුඛස්ථානයේ ඇති විහාරස්ථාන දෙකකි.එසේම වේලාසිය දේවාලය පිළිබඳව තොරතුරු රැස්කිරීමේ දී ද මෙම දේවාලය ගොඩනගා ඇත්තේ මහනුවර යුගයේ බව තහවුරු වී ඇත.
ආණමඩුව ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් වන මහකුඹුක්කඩවල ප්‍රදෙශය විජය රජු දවස ජනාවාස පැවති බවට ජනප්‍රවාද පවතී. එහෙත් ඒ සඳහා නිශ්චිත තොරතුරු ලබා ගැනීම අපහසුය. විජය රජු දවස කුවේනි සිටි ප්‍රදේශ වූ තෝනිගල (ලතෝනිගල) මෙම කොට්ඨාශය ආසන්නයේ පිහිටි නිසා එකල මෙහි ජනාවාස පවතින්නට ඇති බව දැඩි විශ්වාසයයි.
අනුරාධපුර යුගයේ දී අනුරාධපුරය දක්වා වූ මාර්ගය වේලාසිය, කදුරුකෝට්ටේ, තෝනිගල හරහා වැටී තිබූ බවට ජනප්‍රවාදයක් පවතී. එහෙත් ඒ සඳහා නිෂ්චිත සාක්ෂි නැත. එහෙත් ආණමඩුව කොට්ඨාශයේ විශාල වශයෙන් ඒ සඳහා ඓතිහාසික තොරතුරු ඇත.
එසේම මෑත යුගයේ යුරෝපීය ආක්‍රමනයන්ට නිතර ගොදුරු වූ ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හැදින්විය හැකිය. මෑත කාලයේ දී පෘතුගීසි ජාතීන් මෙහි පදිංචි වී සිටි බවට සාකිෂි ලැබී ඇත. දළුවේගම ගම්මානයේ දී VOC වර්ගයේ කාසි රාශියක් හමුවී ඇති නිසා ඔවුන් මෙහි පදිංචි වී සිටින්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.
දේශගුණය
වියලි කලාපයට අයත් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 24-26 අතර වේ. වැඩි උෂ්ණත්වයක් දක්නට ඇත්තේ වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් යන මාස වලදීය.මෙම කාලයේ දී වාෂ්පීකරනය ඉතා ඉහල මට්ටමක පවතී. ඊසාන දිග මෝසම් කාලය වන ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාස වලදී සහ මැයි, ජුනි මාස වලදී තරමක හෝ අඩු උෂ්ණත්වයක් දැකිය හැක.
1989 සිට මේ දක්වා සේවය කල ප්‍රාදේශීය ලේකම්වරු..
| 01 | ජේ.පී.තිලකරත්න මයා |
1989-1991
|
| 02 | විජිත බණ්ඩාරනායක මයා |
1991-1994
|
| 03 | ඩී.එම්.හීන්බංඩා මයා |
1994-1998
|
| 04 | ඒ.එම්.ආර්.ජේ.කේ.ජයසිංහ මයා |
1998-2002
|
| 05 | ආර්.කේ.පේමසිරි මයා |
2002-2006
|
| 06 | ආර්.බී.රත්නායක මයා |
2006-2007
|
| 07 | එච්.එම්.පී.සී.හේරත් මයා |
2007-2011
|
| 08 | ශ්‍රීමාලි මල්ලවාරච්චි මිය |
2011.05.12-2012.02.13
|
| 09 | දිලාන් ගුණරත්න මයා |
2012.02.13-2019.04.02
|
| 10 | ඊ.ඒ.ඩී.එම්.අතුකෝරල මිය |
2019.04.10-2021.09.03
|
| 11 | ලක්ෂිකා මිගෙල්ආරච්චි මිය |
2021.09.03 සිට මේ දක්වා
|






















